ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 10 වන සංවත්සරය සමරයි
11:29am on Tuesday 25th June 2019
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ගුවන් හමුදා ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 10 වන සංවත්සරය පසුගිය 2019 ජූනි මස 20 වන දින සමරන ලදී.

ගුවන් ධාවන පථ නඩත්තු කිරීමේ පක්‍ෂාගය යනුවෙන් මුලදී හදුන්වනු ලැබූ මෙම පක්‍සාංගය පසුව ගුවන් ධාවන පථයන්ට අමතරව ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම් කටයුතු ආදිය ඇතුළුව සිදු කරන්නා වූ කාර්යභාරය පුළුල් වීමත් සමගම 2013 වසරේ ජූනි මස 20 වන දින ගුවන් ධාවන පථ ඉදිකිරීමේ පක්‍ෂාංගය යනුවෙන් පරිවර්ථනය විය.

සංවත්සර දින පෙළපාලියකින් සංවත්සර දින සැමරුම් වැඩසටහන ආරම්භ වූ අතර අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී කි‍්‍රකට් තරඟාවළියක් පවත්වන ලදී. මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර්එස් වික‍්‍රමරත්න ප‍්‍රදාන ආරාධිථ අමුත්තා වශයෙන් සහභාගී  විය.

එසේම මහරගම අපේක්‍ෂා රෝහලෙහි සිදු කරනු ලැබූ දානමය පුණ්‍ය කර්මයකින් සංවත්සර දින සැමරුම් වැඩසටහන් මාලාව අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි