ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 13 වන සංවත්සරය සමරයි
8:33am on Thursday 4th July 2019
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය  සිය 13 වන සංවත්සරය 2019 ජූලි මස 01 වන දින සමරන ලදී.ඒකකයේ සියලුම සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සංවත්සර සමරුම් දින වැඩ පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී සී දිසානායක විසින් පරීක්ෂණයට ලක් කරණ ලදී.

සංවත්සර වැඩසටහන් මාලාව යටතේ ශ්‍රමදාන ව්‍යාපාරයක් මීරිගම කිතුල්වල කළුගල්ල ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලදී.තවද ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මාරසිංහ මහතාගේ ළිං ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරීම සදහා ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානයේ සාමාජිකයින්ගේ සහාය හා දායකත්වය සපයන ලදී.

සංවත්සර දිනය සැමරුම ක්‍රිකට් තරගාවලියකින් අවසන් වූ අතර එයට සියලුම නිලධාරීන් සහ ගුවන් භටයින් සහභාගී විය.ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මීරිගම කදවුරේ  අණදෙන නිලධාරි අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිපුන තනිප්පුලිආරච්චි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි