61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
8:35am on Thursday 4th July 2019
61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 ජූලි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා  නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශකවරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 22 නෙකු,  ශ‍්‍රි ලංකා  නාවික හමුදාවේ නිලධාරීන් 02,  බංගලාදේශ ගුවන් හමුදාවේ  නිළධාරීවරයෙකු  සහ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ කාන්තා නිළධාරිනියක සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2019 ජූලි මස 01 සිට  සැප්තැම්බර් මස 24 වන දින  දක්වා පැවැත්වේ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික  පාඨමාලාව විදේශීය කාන්තා නිළධාරිනියක විසින් හදරනු ලබන පළමු අවස්ථාව මෙය වෙයි. එසේම පාඨමාලාව අතරතුරදී ඉන්දියානු ගුවන් හමුදා නිළධාරියෙකුද පාඨමාලාව හා සම්බන්ධ වීමට නියමිත වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි