චීන වරාය විද්‍යාපීඨයේ නව පීඨාධිපති රාජකාරි අරඹයි
12:32pm on Friday 5th July 2019
එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා විසින් පීඨාධිපති ධූරයේ රාජකාරීන් නව පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 ජූලි මස 02 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ සරඹ පිටියේදී පැවැත්විණි. මෙම පෙළපාලියට ගෘප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් අණදුන්  අතර පීඨාධිපති ධූරයේ යෂ්ටිය භාරදීම මගින් දූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

මෙහිදී හිටපු පීඨාධිපතිතුමන් විසින් පෙළපාලිය සහ සියළු සාමාජික සාමාජිකාවන් අමතමින් තම ධූර කාලසීමාව තුළ කඳවුරේ සියළුම කටයුතු සඳහා දක්වන ලද දායකත්වය ඇගයීමට ලක් කල අතර ඒ වෙනුවෙන් සියළුම දෙනාට සිය ස්තුතිය ප‍්‍රකාශ කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි