ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ
12:44pm on Wednesday 10th July 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන් විසින් 2019 ජූලි මස 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරේදී සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ  වී බී එදිරිසිංහ විසින් පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීක‍ෂාවට ලක් කරන ලදී. පසුගිය වර්ෂය තුළ හිගුරක්ගොඩ කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් පහත සදහන් සේවා පුද්ගලයින් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්
බලපන්ති සැරයන් හේරත් ඒඒවී
බලපන්ත සැරයන් උදයකුමාර ආර්එම්පී
සැරයන් කුමාර එම්ඒබීසී
සැරයන් ගුණරත්ණ අයිජීඑස්එම්
සැරයන් අත්තනායක ටීබීඑස්
කෝප‍්‍රල් දසනායක ජීඑන්පීකේ
කෝප‍්‍රල් සිල්වා ජීඑල්ඩීසී
කෝප‍්‍රල් මධුරංග ඩබ්ලියුඑම්එන්
කෝප‍්‍රල් සදමාලි එච්එම්එන්
කෝප‍්‍රල් දීපානි එස්එම්
නාගුභට තාරක ආර්එච්එන්ආර්
නාගුභට දයානන්ද එන්ජීසීකේ

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියළුම ස්ථාන පරීක‍ෂා කල අතර පසුව නිලධාරීන් ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ දිවා භෝජන සංග්‍රහයට සම්බන්ධ විය.

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් හිගුරක්ගොඩ කඳවුරේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී.හෙලිකොප්ටර් නියමුවන් පුහුණු කිරීම සහ ජාතියේ ස්වාභාවික විපත් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම මගින් අංක 7 හෙලිකොප්ටර් බලඝණය සහ අංක 9 හෙලිකොප්ටර් බලඝණය ගුවන් හමුදාව තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අණ දෙන නිලධාරියා සිහිපත් කළේය.රෙජිමේන්තු විශේෂ බලකාය හිගුරක්ගොඩ කදවුරේ පිහිටා ඇති බවත් ශ්‍රී ලංකාවේ විශේෂ අවස්තාවලදි අත්‍යවශ්‍ය සේවාවන් සපයන බවත් ඔහු සඳහන් කළේය. අවසාන වශයෙන් සියලු දෙනාට ස්තූති කරමින් සෑම විටම ගුවන් හමුදාව මෙන්ම තම මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි