කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
4:35pm on Wednesday 10th July 2019
එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායේ මහතා විසින් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 ජූලි මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ සරඹ පිටියේදී පැවැත්විණි. මෙම පෙළපාලියට එයාර් කොමඩෝර් එස්කේඒ සේනාරත්න මහතා විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් පායෝ මහතා 2017 ජනවාරි 10 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්විය.මෙයට පෙර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය.එතුමා ගුවන් හමුදා අධ්‍යක්ෂක පුහුණු ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා මහතා මීට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය කදවුරේ අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය.ඔහු එම් අයි 24,බෙල් 206,ජෙට් රේන්ජර්බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර්යානාවල අත්දැකීම් බහුල  හෙලිකොප්ටර් නියමුවෙකි.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පායෝ මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි