දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
11:40am on Thursday 11th July 2019
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස් සමරවීර විසින් ගුවන් හමුදා බලඇණියේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම්එස්බීපී කුලතුංග හට භාරදීමේ පෙළපාලිය 2019 ජූලි මස 10 වන දින  බලඝණ මූලස්ථානයේදි පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී.

පෙළපාළියෙන් පසුව බලඇණියේ නව අණදෙන නිළධාරී බලඝණයේ බෞද්ධ සිද්ධස්ථානයේ පැවති ආගමික කටයුතුවලට සහභාගී විය.පසුව අණදෙන නිලධාරින් දෙදෙනා සමග සියලු නිලධාරීන් සහ අනෙකුත් නිලයන් ගුවන් භට භෝජනාගාරයේ පැවති උදෑසන ආහාරය සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි