සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ හත්වන පාඨමාලාව අවසන් වෙයි
2:34pm on Monday 15th July 2019
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 ජූලි මස 10 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී සිදු කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප‍්‍රභාවි ඩයස් මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

ජ්‍යෙස්ඨ අධිකාරි නොලත් නිළධාරිවරයෙකුගේ බිරිදක්, ඇතුලුව ගුවන් කාන්තාවන් හා පුහුණුවන්නියන් විසිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙහිසි සහතිකපත් ලබා ගන්නා ලදි. සේවා වනිතා ඒකකය විසින් මෙම පාඨමාලාවට සහභාගී වු උපදේසකයින් හට ත්‍යාග සහ සහතිකපත් ලබා දෙන ලදී. ගුවන් හමුදා  සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සහ ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරීතුමන් නිළධාරීන් සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ.ගුවන් හමුදා විශ‍්‍රාමිකයින්ගේ සංගමයේ  බලලත් නිළධාරී ඒ ජවහිර් (විශ‍්‍රාමික) මෙම අවස්ථාවට සහභාගී විය.

සති අන්ත 08 ක් පුරා සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගණනාවක් ආවරණය කරමින් මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.

මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ දුවණියන් සේවා පුද්ගලයින්ගේ නව විවාහක බිරින්දෑවරුන් ගුවන් කාන්තාවන් සඳහා ඉල්ලුම් කළ හැකි වෙයි. එසේම ගාස්තුවකට යටත්ව  සිවිල් කාන්තාවන් සීමිත ගණනකට අයදුම් කළ හැකිවේ.

වැඩි විස්තර සඳහා අමතන්න

ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා 0772229117
ගෲප් කැප්ටන් ජීඑච්පී නානායක්කාර 0714163633
බලඝන නායක  ජේපීඑස් ජයසුන්දර 0772229283

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි