ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ප‍්‍රදානයක්
3:27pm on Friday 2nd August 2019
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත කල ඉල්ලිමකට අනුව එම දේවස්ථානයේ ඉරු දින දහම් පාසල වෙත මල්ටිමීඩියා යන්ත‍්‍රයක්, ශබ්ද විකාශන පද්ධතියක් ඉරු දින දහම් පාසල් දරුවන් වෙත ප‍්‍රදානය කිරිම සිදු කරන ලදී.

මෙම ප‍්‍රදානයන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මැතිනියගේ මගපෙන්වීම යටතේ කොළඹ ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන හා කොළඹ ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන පි‍්‍රයන්වදා චන්ද‍්‍රසේකර යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණය යටතේ සිදුකරන ලදී.
 
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩළයේ පිරිසක්ද සහභාගිවුහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි