ගුවන් හමුදාධිපතිතුමන් යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
3:36pm on Friday 2nd August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 17 වෙනි ගුවන් හමුදාධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ කරන ලද පළමු සංචාරය සිදු කරමින් 2019 අගෝස්තු මස 01 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

එහිදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ප‍්‍රදීප් ගමගේ විසින් ගුවන් හමුදාධිපතිතුමන් මූලස්ථාන පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමිමක්ද සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්,  යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් සරඹ භූමිය වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී යුද්ධ හමුදා ගෞරව සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කළේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති ලේකම් කාර්යාලය වෙත පිළිගනු ලැබූ අතර යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ඇතුළු ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරීන් හඳුන්වාදෙනු ලැබීය.

ගුවන් හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ඡුාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි