කමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් තරඟාවළියේ 125 සීසි කාණ්ඩයේ ජය මධුර පීරිස්ට
8:06am on Tuesday 6th August 2019
ගුවන් හමුදාවේ නායක ගුවන් භට මධුර පීරිස් 2019 කමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළියේ 125 සීසි කාණ්ඩයේ යතුරු පැදි ධාවන තරඟයේ පලමුවැනි ස්ථානය හිමි කර ගනී. තරඟාවළිය 2019 අගෝස්තු මස 04 වන දින පවත්වන ලදී.

මධුර පීරිස් 2012 වසරේදී ගුවන් හමුදා යතුරු පැදි කණ්ඩායමට ඇතුළත් වු අතර යතුරු පැදි පිටියේදී ගුවන් හමුදාව නියෝජනය කළ එකම ධාවකයා විය.2014 වර්ෂයේදී ක්‍රීඩකයින් 12 දෙනෙකු සමග ගුවන් හමුදා යතුරු පැදි කණ්ඩායම පිහිටුවීමත් සමඟ ඔහු කණ්ඩායමේ නායකයා බවට පත්විය.ගුවන් හමුදාවට ඉමහත් කීර්තියක් ගෙන දුන් මොහු 2019 වසරේදී 125 සීසි කාණ්ඩයේ යතුරු පැදි ධාවන තරගවලදී අඛණ්ඩව තරඟ තුනකින් පළමු ස්ථානය ලබා ගෙන තිබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි