කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
4:54pm on Monday 19th August 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2019 අගෝස්තු මස 09 දින සිදු කරන ලදී.ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙතමාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ  කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එන්වි සරත් විසින් පිළිගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. මෙහිදී බලලත් නිළධාරි කේඒ සංජීවරත්න බලලත් නිළධාරි ඒඑල්ජී නිශාන්ත සහ සිවිල් සේවක බී ආර් ගුණරත්න මහතා හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතිකයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී දිවා භෝජන සංග‍්‍රහය  සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් ගුවන් භට භෝජනාගාරයේදී සංවිධානය කර තිබූ අතර අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලද අතර ඉදිරියේදීත් මෙම සේවාවන් නොකඩවා පවත්වා ගනිමින් සෑම විටම මව්බිමේ සංවර්ධනයට දායකත්වය ලබා දීමට කටයුතු කල යුතු බව  අවධාරනය කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි