මන්නාරම ප්‍රදේශයේදී ත්‍රිවිද හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ඇරඹේ
6:07pm on Thursday 25th November 2010
ත්‍රිවිද  හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් මේ වන විට මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී ආරම්භ කර ඇත. පසුගිය 21 වෙනි දින සිට යුධ, ගුවන්, නාවික සෙබළුන් 2500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙමින් ලබන 29 දින දක්වා මෙම යුධ අභ්‍යසයේ නිරත වනු ඇත.

ගුවන් හමුදාව මෙම අභ්‍යයාසය සදහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා, එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා, එම් අයි 24 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා, වයි 12 ගුවන් යානා, ඒ එන් 32 ගුවන් යානා යොදා ගනිමින් සැපයුම්, පැරෂුට් පැනීම්, ගොඩබිම සිටින සෙබළුන් සදහා වෙඩි බලය සැපයීම, තුවාල කරුවන් ප්‍රවාහනය ආදීන් පිළිබඳව පුහුණුවීම් මෙම අභ්‍යාසය හරහා සිදු කරන අතර  බී - 200 යානා මේ සියල්ලටම ඉහලින් සිටිමින් යුධ අභ්‍යාසයේ ප්‍රධාන නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

මෙම යුධ අභ්‍යාසයේ ගුවන් හමුදාවේ ප්‍රධාන කාර්යන් මෙසේය
 
විශේෂ බලකා සෙබළුන් සහ කමාන්ඩෝ සෙබළුන් යුධ බිමට ප්‍රවාහනය කිරීම
 
වයි 12 සහ ඒ එන් 32 ගුවන් යානා යොදා ගනිමින් ගුවනේ සිට විශේෂ බලකා සෙබළුන් සහ කමාන්ඩෝ සෙබළුන් පැරෂුට් ආධාරයෙන් සතුරු කදවුරු වෙත පැනීම
 
බී 200 යානා යොදා ගනිමින් යුධ අභ්‍යාසයේ පිරික්සීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම
 
එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගුවනේ ආරක්ෂාව මෙන්ම යුධ බිමේ ආරක්ෂාව සහ පාබල හමුදාවන් හට ඉදිරියට යාමට අවශ්‍යය වෙඩි බලය ලබා දීම
 
යුධ බිමට අවශ්‍යය සියළු සැපයුම්, තුවාල කරුවන් ප්‍රවාහනය, යුධ භටයින් ප්‍රවාහනය ගුවන් මගින් සිදු කිරීම

ත්‍රිවිද  හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ  ගුවන් හමුදාවේ සියළුම මෙහෙයුම් කටයුතු ගෲප් කැප්ටන් සාගර කොටකදෙනියගේ අධීක්ෂණය මත සිදු කෙරේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි