සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව නිමාවෙයි
5:39pm on Monday 19th August 2019
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලද භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව, සලාක සහායක උසස් පාඨමාලාව සහ සලාක සහායක මූලික පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය සහ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටමට ලඟා වූ පුහුනුවන්නන් හට ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ප‍්‍රදානය කිරීම 2019 අගෝසතු මස 16 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 02 විවේක පහසුකම් හා ක‍්‍රියාකාරකම් සම්පාදන පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සමන් උඩුකුඹුර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. සීගිරිය පැරඩයිස් හෝටලයේ නිකේතන කළමණාකාර ශෙහාන් ග්‍රෙගරි මහතා, සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්,සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් බුද්ධික කුලරත්න,නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වෘත්තීන්හි මාස හතරක පමණ කාළයක් මුළුල්ලේ ඔස්සේ පාඨමාලාව සාර්ථකව හැදෑරූ සලාක සහායක උසස් පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 13 දෙනෙකු, භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 12, සලාක සහායක මූලික පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 10 දෙනෙකු සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලත් ගුවන් භටයින් 18 දෙනෙකු මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී

සලාක සහායක .උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට මධුෂාන් පීඑස්, භෝජනාගාර භාරකාරු උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට මධුශංක එච්ඒඩී සහ සලාක සහායක මූලික පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ගුවන් භට කරුණාරත්න ඒජීඒඑම් විසින් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි