එම් අයි 24 හෙලිකොප්ටර් බලඝණය 15 වන සංවත්සරය සමරයි..
10:06am on Saturday 27th November 2010
ලොව සුපතල මෙහෙයුම් සිදුකල ශ්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙයක් කල අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ 15 වන සංවත්සරය නෙවැම්බර් මස 24 වන දින අභිමානවත්ව සැමරීය.

1995 වර්ෂයේ ආරම්භ කල මෙම බලඝණය අද වන විට අත්කරගත් ජයග්‍රහණයන් වෙනුවෙන් උරදුන් එසේම දේශයේ ආරක්ෂාව වෙනුවෙන් දිවි දුන් අභීත තම විරු සාමාජිකයින් ගෞරවයෙන් සිහිකරමින් සංවත්සරය ආරම්භ කරන ලදී.

හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ වැඩ බලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුරේෂ් පෙරේරා ප්‍රධාන ආරාධිතයා වෙමින් උත්සවයට සහභාගී විය. පසුගිය වසරේ බලඝණයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වුවන් වෙනුවෙන් වැඩ බලන අණදෙන නිළධාරී තුමන් අතින් සම්මාන ලබා දුන් අතර මේ අවස්ථාව සඳහා බලඝණයේ සියළු සාමාජිකයින් සහභාගී විය.

බලඝණයේ සියළු සාමාජිකයින් එක්ව සංවත්සරය වෙනුවෙන් විශේෂ අංගයන් කිහිපයක් සංවිධානය කල අතර බලඝණයේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් එහි අවි ප්‍රදර්ශණාත්මකව ඉදිරිපත් කිරීම විශේෂ අවස්ථාවක් විය. එසේම අවසානයේ බලඝණයේ ගුවන් භටයින් ඉදිරිපත් කල අවි සරඹ සංදර්ශණය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි