ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම බංගලාදේශයේ සංචාරයක නිරත වෙයි
4:43pm on Wednesday 28th August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම නියෝජනය කරමින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක‍්‍රිඩා දැනුම හුවමාරු වැඩපිළිවෙල යටතේ බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම සමග සුහද ජල පන්දු තරඟාවලියකට සහභාගීවීම පිණිස 2019 අගෝස්තු මස 23 වන දින  බංගලාදේශය බලා පිටත්ව යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජලක‍්‍රීඩා සංගමයේ සහකාර ලේකම් ස්කෝඩරන් ලීඩර් දුමින්ද ගමගේ,පුහුණුකරු සහ ක‍්‍රීඩකියින් 13 දෙනෙකු මෙසේ දිවයිනෙන් පිටත්ව යන ලදී. මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජලපන්දු කණ්ඩායමක් ක‍්‍රීඩා හුවමාරු වැඩපිළිවෙල යටතේ ජල පන්දු තරඟාවළියක් සඳහා බංගලාදේශය බල පිටත්ව ගිය පලමු අවස්ථාවද වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි