ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
4:46pm on Wednesday 28th August 2019
ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න මහතා විසින් ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 අගෝස්තු මස 24 වන දින ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි

මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් එම්ජීඩබ්ආර් මේනුවර විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න මහතා 2018 ජූලි මස 31 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු ගුවන් හමුදා මූලස්ථානයේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත පැමිණිමට නියමිත වෙයි.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා මීට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ අංක 45 ප‍්‍රභූ ආරක්‍ෂක පක්‍ෂාංගයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි