අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 19 වන සංවත්සරය සමරයි
12:32pm on Monday 9th September 2019
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 19 වන සංවත්සරය  කළමණාකරන පාසල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ඒඩීඑස්ජේපී රණසිංහ ගේ අනුදැනුම හා මඟපෙන්වීම මත 2019 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 2019 අගෝස්තු මස 30 වන දින ත‍්‍රිකුණාමලය මිහිදුපුර විදුහලේ ශ‍්‍රමදාන වැඩසටහන් මාලාවක්ද සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එදින චීනවරාය සමුද්‍රාසන්න විහාරස්ථානයේ බොධි පූජා පින්කමක්ද පවත්වන ලදී. පසුදින සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරඟාවළියක්ද පවත්වන ලදී.  සංවත්සර දිනයේ  කඳවුරු පෙළපාලිභූමියේ සංවත්සර දින පෙළපාලිය පවත්වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි