අම්පාර ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
6:44pm on Monday 9th September 2019
ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම මහතා විසින් අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් මස 04 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් ඩීඑස්එම්එල්කේ සුගතදාස විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම මහතා 2017 ජනවාරි මස 06 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු කටුකුරුන්ද  ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු මහතා මීට පෙර ගුවන් හමුදා මත්තල පහිනාංකයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි