27 වන ගුවන් ලක්සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
11:21am on Thursday 19th September 2019
ගුවන් ලක් සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිමකරන ලද 27 වන නිවස සැරයන් රාජනායක ආර්එම් හට ප‍්‍රදානය කිරීම පසුගිය 2019 සැප්තැම්බර් මස 11 වන දින සීගිරිය ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් ඩිසිඩිබී අල්විස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා සීගිරිය ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක‍්‍රිෂානි අල්විස් මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය ගුවන් හමුදා කදවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.

නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි