ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනයක් ශි‍්‍ර දළදා මාලිගාවේදී
9:48am on Friday 27th September 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය)එල්ආර් ජයවීර මහතාගේ හා දන්ත වෛද්‍ය ඒකකයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් (වෛද්‍ය) ඩබ්ලිව් කේ වීරසේකර මහතාගේ අධීක්ෂනය යටතේ  වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සායනය තුන්වන වරටත් 2019 සැප්තැම්බර් මස 20 වන දින මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී පැවැත්විණ. මේ සදහා මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 05ක් වෛද්‍යවරුන් 27 හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 96 දෙනකු  එක් විය. මෙමගින් භික්ෂූන් වහන්සේලා 120 නමක් හා සිවිල් පුද්ගලයන් 349 දෙනෙකු සදහා ප‍්‍රථිකාර සිදුකරණ ලදී.

තවද  කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිළධාරී ගෘෘප් කපිතාන් (වෛද්‍ය)  පීඒවී පද්මපෙරුම මහතා සහ දන්ත වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ගෘෘප් කපිතාන්  (වෛද්‍ය) පී දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

 මෙමගින් නොමිලේ පවත්වනු ලැබූ වෛද්‍ය පර්යේෂණ, බෙහෙත් ද‍්‍රව්‍ය, ඇස් පරීක්ෂාකිරීම්, ඇස් කණ්නාඩි ලබාදීම, ඊ සී ජී පරීක්ෂා කිරීම, දන්ත සායන ඇතුළු පහසුකම් රැසක් සලසා දී තිබුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි