ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් පුණ්‍ය වැඩසටහනක්
11:53am on Tuesday 1st October 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 2019 සැප්තැම්බර් මස 25 වන දින වැල්ලවත්ත ඥානානන්ද ළමා මධ්‍යස්ථානයේ පුණ්‍ය වැඩසටහක් ක‍්‍රියාත්මක කරන ලදී. සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ නියමයන්ට අනුව වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් මුලසුන හොබවනු ලැබුවාය.

මෙම වැඩසටහන මගින් ආයතනය වෙත අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය බෙදා දීම සිදු කරන ලද අතර නාන කාමර සඳහා නව පීවීසී දොරවල් සවිකිරීමද සිදු කරන ලදී.එසේම දරුවන් උදෙසා නව නිල ඇඳුම් ප‍්‍රදානය කරන ලද අතර වැඩසටහන අවසානයේ දරුවන් හට දිවා භෝජන සංග‍්‍රහයක්ද ලබාදෙන ලදී.

සේවා වනිතා ඒකකයේ නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි