පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
5:55pm on Monday 7th October 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2019 ඔක්තෝම්බර් මස 02 දින සිදුකරන ලදී.කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඑස්එන් ප‍්‍රියදර්ශන විසින්  උත්තමාචාර පෙලපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් කදවුර වෙත පිළිගන්නා ලදී.

ගුවන් හමුදාපතිමන් කදවුරේ සියලු ස්ථාන පරීක්ෂා කළ අතර පරීක්ෂා කිරීම් අතරතුර අලුතින් ඉදිකරන ලද ,කදවුර තුල වාසි නිළධාරි නිවස්නය විවෘත කරන ලදී.පසුව පසුගිය වර්ෂය තුළ කඳවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් කෝප‍්‍රල් නෙත්තිකුමාර එන්කේඩීඑස් (බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය) ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

ගුවන් හමුදාපතිමන් සියලු පිරිස් අමතමින් පාලවිය ගුවන් හමුදා කදවුරේ ඇති වැදගත්කම අවධාරණය කළ අතර කදවුර රාජකීය නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් පිහිටුවන ලද බැවින් එහි විකාශනය ගැන සඳහන් කළේය.සිවිල් හා ගුවන් හමුදා නීති මගින් ලබා දී ඇති නියෝගයන්ට අනුකූලව පෞද්ගලික විනය පවත්වා ගැනීමසහ සහයෝගීත්වයෙන් රාජකාරි ඉටු කිරීමේ වැදගත්කම අණ දෙන නිලධාරියා විසින් ගුවන් භටයින් හට අවධාරණය කළේය.

මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් විසින් කදවුරේ සියළු නිළයන් හා එක්ව දිවා භෝජන සංග‍්‍රහයකටද සහභාගි විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි