අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2019
6:02pm on Monday 7th October 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 02 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනු ලැබූ අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර සහ චීන වරාය විද්‍යාපීඨ කඳවුර  පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලෙනාඩ් රොඩ්රිගෝ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය.  ගුවන් හමුදා කරාතේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එම්ඩීජේ වාසගේ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි