අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය රත්මලාන ගුවන් හමුදා කදවුරේදී විවෘත කෙරේ
10:04am on Wednesday 9th October 2019
අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් රත්මලාන කදවුරු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝම්බර් මස 04 වන දින විවෘත කෙරිණ.රත්මලාන ගුවන්තොටුපළ තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීමෙන් පසු බලඝනය තාවකාලිකව කටුනායක කදවුර වෙත යන ලදී.මෙම වසර ආරම්භයේ දී මෙම නව ගුවන් යානා අංගනය ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.මෙම අංගනයේ බලඝනයට අයත් සියලුම ගුවන් යානා නවතා තැබීමේ හැකියාව ඇත.

මෙම විවෘත කිරීමේ උත්සවයට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ, ගුවන් හමුදා අධ්‍යකෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි