ගුවන් හමුදාධිපතිතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
1:22pm on Friday 25th October 2019
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා 2019 ඔක්තෝම්බර් මස 10 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලේ දැනට පැවැත්වෙන පාඨමාලාවන් සහ එහි පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ තත්වය පරීක්‍ෂා කිරීමේ සංචාරයක නිරත විය. පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව නැවත ආරම්භ කරන ලද අතර එමගින්  150 ක් පමණ පිරිසකට පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම් සලසා ඇත.

අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලෙහි සංචාරයෙන් අනතුරුව චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමාගේ අණුදැනුම මත ක‍්‍රියාත්මක කරන ලද පැළ සිටුවීමේ වැඩසටහනක්ද ආරම්භ කරන ලදී.

අනුරුව, අංක 03 සමුද‍්‍රීය ගුවන් ආරක්‍ෂණ බලඝණයේ අළුතින් ඉදිකරන ලද ගුවන් යානා අංගනය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කළේය. එහි ඉදිකරීම් කටයුතු මෙම වසරේ ආරම්භ කරන ලද අතර එම ගුවන් යානා අංගනය බලඝණයේ ඇති සියළුම ගුවන් යානා ගාල් කොට තැබීම සඳහා ඉඩ පහසුකම් සලසා තිබේ.

චීන වරාය විද්‍යා පීඨයේ පීඨාධිපති එයාර් එයාර් කොමඩෝර් උදේනි රාජපක්‍ෂ,සහ විද්‍යාපීඨයේ අනෙකුත් නිලධාරී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි