කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය 2019
11:55am on Friday 1st November 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය ගරු ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆොස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂකඅමාත්‍යාංශ ගරු ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන් හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊගල්ස් ලේක් සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද දින ආරම්භ විය.

'කුඩා ගුවන් හමුදාව, අනාගත දැක්ම වෙනුවෙන් ඇති ප‍්‍රවේශ මාර්ගය' යන තේමාව අරමුණු කරගනිමිින් දෙස් විදෙස් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ දැනුම හුවමාරු කරගැනීම සහ දැනුම වැඩිදියුණු කර ගැනීම සඳහා කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය පවත්වනු ලබයි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි