ගුවන් හමුදා වවුනියාව මුලික කදවුර සිය 41 වන සංවත්සරය සමරයි
2:34pm on Friday 1st November 2019
ගුවන් හමුදා වවුනියාව මුලික කදවුර මගින් සිය 41 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා විරුවන් සහ ගුවන් හමුදාධිපතුමන් ඇතුළු ගුවන් හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන් සහොදර හමුදාවන්ට සහ සියළුම රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් දේශනාවක් සහ පසුදින දහවල් සංඝගත දානමය පිංකමක් පසුගිය 2019 ඔක්තෝබර් මස 27 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීරගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.පිරිත් සජ්ජායනාව සඳහා ස්වාමීන්වහන්සේලා වැඩම කරවීම සහ ධාතු කරඬුව වැඩම කිරීම අලංකාර දේශීය නර්තන අංගයන්ගෙන් සමන්විත පෙරහැරකින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පක්ෂාංග අණදෙන නිලධාරීන් නිලධාරීන් අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි