ගුවන් හමුදාපතිතුමන්ට නාලන්දාවෙන් උපහාර
4:13pm on Tuesday 5th November 2019
කොළඹ නාලන්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී  නාලන්ද විද්‍යාලය විසින් පිරිනමන සිය ඉහළම උපහාරය වන "නාලන්ද කීර්ති ශ්‍රී සම්මානය" ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත පිරිනැමීම විද්‍යාලීය මලලසේකර රඟහලේදී පසුගිය ඔක්තෝබර් මස 31 වන දින සිදු කරන ලදී.

"නාලන්ද කීර්ති ශ‍්‍රී සම්මානය" තම වෘත්තියේ විශිෂ්ටතා දැක්වූ විශිෂ්ටතම ආදී නාලන්දාවන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන උපහාර සම්මානයකි.මෙම සම්මාන උළෙල නාලන්ද පැරණි බාලදක්ෂ සංගමය විසින් නාලන්ද විද්‍යාලයේ විදුහල්පති කාර්ය මණ්ඩලය සහ වර්තමාන ශිෂ්‍ය මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උෟව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහභාගී විය.නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වතුහේවා මහතා විසින් ගුවන් හමුදාපති තුමන් හට මෙම සම්මානය පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි