ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ශූරතාවය දිනයි
1:48pm on Thursday 7th November 2019
ශ‍්‍රී ලංකා මහජන මුදල් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු අංශය සඳහා 2017 වසරේ හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය. සම්මාන උළෙල 2019 ඔක්තෝම්බර් මස 25 වන දින ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න හා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ගාමිනි සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලද අතර එහිදී මෙම සම්මානය ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් පීඩීකේටී ජයසිංහ මහතා විසින් ලබාගන්නා ලදී.

විශ්ව විද්‍යාල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය අංශයේ විවිධ ආයතන මේ සඳහා ඉදිරිපත් විය.

ගුවන් හමුදාව හිමිකරගත් මෙම සම්මානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත බාරදීම 2019 ඔක්තෝම්බර් මස 31 වන දින  විධායක අභ්‍යන්තර විගනන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ආර් සෝමතිලක විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි