ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක්
1:57pm on Thursday 7th November 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුරේ 41 වන සංවත්සරයට සමගාමීව සහ කදවුරේ ප්‍රජා සේවා ව්‍යාපෘති යටතේ කුඩකච්චක්කෝඩියා ප්‍රදේශයේ නිවාස අහිමි වූ අඩු ආදායම් ලාභී පවුලක් සඳහා වවුනියාව ගුවන් හමුදා කදවුරේ ශුම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලදි.

මෙම නිවස වැන්දඹු මවක් සඳහා ලබා දුන් අතර ඇගේ ස්වාමිපුරුෂයා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී මිය ගොස් ඇත.ඇයට 9 හැවිරිදි පුතෙකුද සිටින අතර  වවුනියාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන්, සෙසු නිලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම ත්‍යාගශීලී අරමුණු සඳහා සාමූහිකව දායක වූ අතර නිවස සඳහා අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් මෙන්ම අංගසම්පූර්ණ නාන කාමරයක් ද පරිත්‍යාග කිරීමට හැකි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි