ගුවන් හමුදා කොළඹ කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් බෙදා දීමේ වැඩසටහනක්
2:17pm on Thursday 7th November 2019
ගුවන් හමුදා කොළඹ කඳවුරු සේවා වනිතා ඒකකය විසින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සහ ජාත්‍යන්තර පුන්‍ය දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ  අඩු පහසුකම් සහිත පාසැල් සඳහා පොත් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය නෙවැම්බර් මස 04 දින සිදුකරණ ලදී. මෙම වැඩසටහන ගුවන් හමුදා කොළඹ කඳවුරු හිටපු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා ගේ මගපෙන්වීම මත සිදුකිරීමට යෙදුනු අතර ගුවන් හමුදා කොළඹ කඳවුරු වර්තමාන අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් සීබී ලැබ්රෝයි මහතාගේ මගපෙන්වීම යටතේ මෙවර මෙම වැඩසටහන සිදුකරන ලදී.

මෙහිදී නවගත්තගම රෙලපනාව ප්‍රාථමික විදුහල වෙත පොත් 1195 ක් පිරිනැමීමද රත්නපුර රාජකීය විද්‍යාලය වෙත පොත් 870 ක් පිරිනැමීමද සිදුවිය. මෙම වැඩසටහන ආසියානු පදනමේ අනුග‍්‍රහයෙන් හා ජාතික රෝහලේ වෛද්‍ය නිළධාරීන් ඇතුළු කොළඹ කඳවුරු නිළධාරීන් හා සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි