අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2019
8:44am on Friday 8th November 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසගිය 2019 නොවැම්බර් මස 05 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී තරඟාවළයේ පිරිමි ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගත් අතර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය කාන්තා ශූරතාවය දිනාගන්නා ලදී.

රත්මලාන මූලික කඳවුර සහ  කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අත්පන්දු සංචිතයේ සභාපති එයාර් කොමර්ඩෝ ඩීආර්ඒබී වරකාංග ,නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි