ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කඳවුර සිය 30 වන සංවත්සරය සමරයි
2:28pm on Thursday 28th November 2019
ගුවන් හමුදා අම්පාර කඳවුර සිය 30 වන සංවත්සරය 2019 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී එස් එන් ප‍්‍රනාන්දු  විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියළුම අයවලුන්ට ස්තුතිය පුද කල අතර කදවුරේ ඉතිහාසය පිලිබදව කෙටි හැදින්වීමක් සිදු කරන ලදි.

මෙදිනට සමගාමීව ශ‍්‍රමදාන වැඩසටහන් පදියතලාව මූලික රෝහල මූලික කරගනිමින් පැවැති අතර කරන්ගාව පාසැලේ ශ‍්‍රමදාන වැඩසටහනක් හා පොත් බෙදාදීමක් ද ලේ දන්දීමේ වැඩසටහනක් හා රාත‍්‍රී පිරිත් දේශනාවක් ද සිදුකරන ලදී.

අනතුරුව සියළුම නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් එල්ලේ තරඟාවලියක් හා දැල්පන්දු තරඟාවලියක් ද සංවිධානය කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි