ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2019
11:33am on Tuesday 10th December 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟ 2019 නොවැම්බර් මස 28 වන  දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍ර‍්‍රිකට් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. එහිදී වන්නි රෙජිමේන්තු පුහුණු පාසල සහ චීනවරාය විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදා මොරවැව කඳවුර කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 108 ක ඉලක්කයක් ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් කඳවුරු කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්  පන්දුවාර 19 පන්දු 04 කදී  එම ඉලක්කය සම්පූර්ණ කරමින් තරගය ජයගත්හ.

කාන්තා අවසන් තරගයේදී චීනවරාය විද්‍යාපීඨ කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 60 ක ඉලක්කයක් ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්හට හැකිවූයේ කඩුලු 2ක් දැවී ලකුණු 34 ක් ලබා ගැනීමට පමණි. එ අනුව ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කණ්ඩායම කාන්තා ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ පුහුණු එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ඔ්ඒඑන්එස් ප‍්‍රනාන්දු   ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි