මන්නාරම ප්‍රදේශයේ අබාධිත සිසුවියන් පිරිසක් ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයක
5:26pm on Tuesday 14th December 2010
විවිධ ආබාධයන්ට ගොදුරු වූ සිසු සිසුවියන් 90 ට අධික පිරිසක් පසුගිය දෙසැම්බර්
11 දින කොළඹ නගරයේ සංචාරයක නිරත විය.

මන්නාරම පාලම්පිඩි තඩ්චානා මරදමඩු විද්‍යාලයේ මෙම සිසු පිරිස කොළොඹට පැමිනි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඔවුන් පළමුව රත්මලාන ගුවන් හමුදා කදවුරේ පිහිටා ඇති ගුවන් හමුදා කෞතුකාගාරයේ සිරි නරඹන ලදී. එහිදී කෞතුකාගාර අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් මලින්ද පෙරේරා ප්‍රමුඛ පිරිස විසින් මොවුන්ව උණුසුම්ව පිළිගත් අතර ඔවුන් සමග සතුට බෙදා ගැනීමට ද එක්විය. මීට අමතරව දෙහිවල සත්වඋද්‍යානය මෙන්ම තවත් ස්ථාන කිහිපයකම දෙවන දවස ගතකල අතර , ගාලු මුවදොර පිටියෙන් ඔවුන්ගේ සංචාරය අවසන් විය.

මෙම සංචාරය සංවිධානය හා මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි විශේෂ මෙහෙයුම් රාශී මූලයේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ක්ලයිඩ් වීරකෝන් විසින් සිදුකල අතර  40 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී බලඝන නායක දිනේෂ් ජයසිංහ ද මේ සදහා එක්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි