ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පිරිනමන පරිසර සම්මානය දිනාගනී
2:45pm on Tuesday 17th December 2019
විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පවත්වනු ලැබූ 75 වන වාර්ශික සැසිය පසුගිය දෙසැම්බර් මස 08 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවති අතර  එහිදී රාජ්‍ය ආයතන සඳහා වන පරිසරය තිරසාර ලෙස කළමණාකරනය සඳහා වන සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.

පරිසර හිතකාමී ආකල්ප ප්‍රදර්ශනය කිරීම හා අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික ආරක්ෂණ පියවරයන් සඳහා යොමුවීම යන කරුනු ප‍්‍රවර්ධනයට  ප්‍රයත්න දැරූ සංවිධාන හා ආයතන හඳුනා ගැනීමේ අරමුණින් පරිසර කමිටු සම්මාන උළෙල සංවිධානය කරනු ලැබේ. පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමෙන් පසු පළමු වරට චීන වරාය කඳවුර මෙම සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර නියෝජනය කරමින් විද්‍යාපීඨ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් ඒ යූ පී රාජපක්ෂ විසින් මෙම සමිමානය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් ලබාගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා විධායක තත්ව පාලන නිළධාරී එයාර් කොමඩෝර් එල් එම් එස් කේ ලීලාරත්න මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් එම් ජේ අයි විජේනාත් කඳවුරු සේවා අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ආර් ඩී ඩබ්ලිව් ජයසූරිය යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි