පාකිස්ථාන් ගුවන් හමුදා ක‍්‍රිකට් කන්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය
2:54pm on Tuesday 17th December 2019
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින පාකිස්ථාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැති සුහද ක්‍රිකට් තරඟාවලියෙන් ජය ලබා ගැනීමට පාකිස්ථාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙහි අවසන් තරඟය  පසුගිය දෙසැම්බර් මස 12වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  

ක්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමක් 2019 දෙසැම්බර් 7 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමඟ මිත්‍රශීලී ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා ය.

තරඟාවලිෙය් පළමු තරගය පාකිස්තාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය. මෙම තරගය 2019 දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රිකට් ක්‍රීඩාංගණෙය්දී පැවැත්විණි.

එම ක‍්‍රීඩාංගනයේදීම පැවති දෙවන තරගය කඩුලු 5කින් පාකිස්තාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට සමත් විය.

තරගාවලියේ තෙවැනි හා අවසාන තරගය පසුගිය  දෙසැම්බර් මස 12 වන දින  කොළඹ ගුවන් හමුදා රයිෆල් ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.තියුණු තරගයකින් පසු පාකිස්තාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 3 කින් තරගය ජයග්‍රහණය කළ අතර  තරගාවලියේ ජයග්‍රහණය 2-1 ක් ලෙස තහවුරු කර ගැනීමට පාකිස්තාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමර්ඩෝ සුහර්ෂි ප්‍රනාන්දු ,නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි