ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක්
2:38pm on Tuesday 24th December 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර මගින් සංවිධානය කිරීමට යෙදුනු ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 14 දින මහකච්චක්කෝඩියා ප්‍රාථමික පාසලේ දී පැවැත්විය. වවුනියාව මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල් එච් සුමනවීර මහතා ගේ ප‍්‍රධානත්වවෙන් සිදුකරනු ලැබූ මෙම සත්කාරය සඳහා අඩු ආධායම් ලාබී පවුල් දරුවන් 156 දෙනෙකු සහභාගීවිය.

කඳවුරු සේවා වනිතා ඒකකය මගින් වාර්ශිකව සංවිධානය කරන මෙම වැඩසටහන මෙවර මහකච්චක්කෝඩියා ප්‍රාථමික පාසලේ විදුහල්පති තුමන්ගේ ඉල්ලීමකට අනුව එම විදුහලේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා කඳවුරු  සේවා වනිතා ඒකකයේ සභාපතිනී තුෂාන්ති සුමනවීර මහත්මිය ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි