අනුරාධපුර කඳවුරු පෙරපාසල විව්ධ ප්‍රසංගයක්
4:24pm on Wednesday 15th December 2010
අනුරාධපුර කඳවුරේ ඉදිකර ඇති පෙර පාසල කඳවුරේ සේවයේ නියුතු සේවා හා සිවිල් පුද්ගලයින්ගේ පෙර පාසල් වයසේ දරුවන් වෙනුවෙන් පෙර පාසල් අධ්‍යාපන ඉතා උසස් අයුරින් ලබා දෙනු ලබයි.

පසු ගිය 09 දින මෙම පෙරපාසලේ අධ්‍යාපනය ලත් දරුවන් 48 දෙනෙකු ඔවුන්ගේ වර්ෂ අවසාන විව්ධ ප්‍රසංගය සාර්ථකව ඉදිරිපත් කරන ලදී.   

සිසු දරුවන් 25 දෙනෙකු මුලික පෙර පාසල් අධ්‍යාපනය අවසන් කල අතර ඔවුන් හා අනෙකුත් සිසු දරුවන් හා එක්ව දැකුම් කළු අංගයන් රැසක් ඉදිරිපත් කරමින් පැමිණ සිටි පිරිස ප්‍රමෝදයට පත් කරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධ්තයා ලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීඩීකේටී ජයසිංහ සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි