13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන් හට උපහාර පිදේ
11:27am on Thursday 9th January 2020
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් දක්වමින් ගුවන් හමුදාවට කීර්තියක් අත් කරදුන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන් හට ඔවුන්ගේ දක්ෂතා අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් උපහාර පිරිනැමීමේ උත්සවයක් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී 2019 දෙසැම්බර් මස 30 වන දින පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් 40 ක් රිදී 83 ක් සහ ලෝකඩ 128 ක් සමගින් පදක්කම් 251 ක් දිනාගත් අතර පදක්කම් 251 න් රන් 5 ක්ල රිදී 14 ක් සහ ලෝකඩ 22 ක් සමඟ පදක්කම් 41 ක් දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

මෙම අභිමානවත් උත්සවය ගුවන් හමුදාවට සහ මාතෘ භූමියට වැඩි ගෞරවයක් ගෙන ඒමට සමත් වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිකිරීම හා ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරන ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි