අංක 28 ආපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාව නිමාවෙයි
11:29am on Thursday 9th January 2020
අංක 28 ආපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීමේ උත්සවය 2019 දෙසැම්බර් මස 29 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරු ආපදා කළමනාකරණ පුහුණු පාසලේදී පැවැත්විණි.

වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ කේකේ ඒ කේ කලුආරච්චි  මහතා ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ එන් විජේසිරිවර්ධන, ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් එස්ඩීඩීජේ රණසිංහ, නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

දින හතලිහක පමණ කාළයක් මුළුල්ලේ පැවැත්වුණු මෙම පාඨමාළාව තුලින් ආපදා සහ උපද්‍රව, ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පනත සහ කාර්යභාරය, ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ දළ විශ්ලේෂණය, උපද්‍රව සහ අවදානම තක්සේරු කිරීම, ආපදා කළමනාකරණයට අදාළ තොරතුරු තාක්ෂණය සහ රසායනික ජීව විද්යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය , භූගෝලීය තොරතුරු පද්ධතිය, මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර  සහ ආපදා කළමනාකරණයේ ජාත්‍යන්තර කාර්ය භාරය, ආපදා පෙර සූදානම ,සැලසුම් හදිසි ප්‍රතිචාරයට අදාළ සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම, හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හදිසි සැලසුම් සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය, ප‍්‍රථමාධාර තුවාල හා මරණ කළමනාකරණය ,ගිනිනිවීම හා බේරා ගැනීම පිළිබඳව හදාරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි