ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයට සුභසාදක පහසුකම් රැසක්
8:36am on Monday 20th January 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් පසුගිය ජනවාරි මස 18 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ සේවා පුද්ගලයින් උදෙසා අවශ්‍ය සුභසාධක පහසුකම් රැසක් විවෘත කරන ලදී. එම පහසුකම් අතරට කෝප‍්‍රල්වරුන් සඳහා වන සමාජ ශාලාව, ගුවන් භට සමාජ ශාලාව හා සුභ සාධක වෙළදසැල් සංකීර්ණක්ද ඇතුලත් වේ. මෙම සියළු කාර්යන් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් උදේනි රාජපක්ෂ වන අතර මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් රුචිර සමරසිංහ මහතා ඇතුළු නිළධාරීන්, සිසු නිළයින් පිරිසක් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි