ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2020
1:51pm on Wednesday 19th February 2020
ශ‍්‍රී ලංකා නාවික හමුදාව  මගින් මෙවර සංවිධානය කෙරීමට යෙදුනු ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2020 පෙබරවාරි මස 18 වන දින කොළඹ ලයිට් හවුස් අසලින් ආරම්භ විය.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරන, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන්, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ. ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය යන ආදර්ශපාඨය පදනම් කරගනිමින් පැවැත් වූ මෙම ධාවන තරඟය කොලඹ ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් ආරම්භ වී  ගාලු පාර ඔස්සේ ඉදිරියට ගොස් කොළඹ ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට වට රවුමෙන් හැරී නැවත ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් නිමාවට පත් විය. ඉන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ සියළුදෙනා හට සහතිකපත්‍ර ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතරල මෙය ලෝකයේ පවතින විශාලතම සංවිධානයක් වේග වර්තමානයේදී රටවල් 139 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතරල ශ්‍රී ලංකාවද 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි