පලාලි ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
11:27am on Tuesday 3rd March 2020
ගෲප් කැප්ටන් එස් ඩී ජයවීර මහතා විසින් පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ වී ජයසේකර මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 පෙබරවාරි මස 24 වන දින වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.

ගෲප් කැප්ටන් එස් ඩී ජයවීර මහතා 2018 පෙබරවාරි මස 01 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී කඳවුරේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැුසක් දියත් කරන ලදී.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් ඒ වී ජයසේකර මහතා මීට පෙර ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී පුහුණු ධූරයේ  කටයුතු කරන ලදී. ඔහු සුදුසුකම්ලත් නියමු පුහුණු උපදේශකයෙක් වන අතර පළපුරුදු කේ8, එෆ්7, කෆීර් සහ මිග් 27 ප‍්‍රහාරක ගුවන් යානා නියමුවෙක්ද වෙයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි