ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ධජ අශිර්වාද කිරීමේ පූජෝත්සවය
12:27pm on Tuesday 24th March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ධජ අශිර්වාද කිරීමේ පූජෝත්සවය මෙවර අනුරාධපුර ජයශ‍්‍රීමා බෝ සමිදුන් අභියසදී පසුගිය මාර්තු මස 06 දින ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ගුවන් හමුදා ධජ වර්ණවත් පෙරහරකින් උඩ මළුවවෙත රැුගෙනගිය අතර උඩ මළුවවේදී මහා සංඝ රත්නය විසින් ආශිර්වාද කිරීම සිදුකරන ලදී. මෙම පූජෝත්සවය ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර විසින් සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩළ නිළධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිසු නිළයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි