21 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය යුධ හමුදාවට
8:34am on Wednesday 25th March 2020
දින තුනක් පුරා පැවති 21 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය යුධ හමුදාව හිමිකරගනිමින්  අනුරාධපුර පොදු ක‍්‍රීඩාංගනයෙන් පසුගිය මාර්තු මස 07 වන දින නිමාවට පත්විය. මෙහිදී පිරිමි තරගාවලිය මාර්තු මස 5 සිට 7 දක්වා කිමි 449 පුරා කණ්ඩායම් ගනනාවක් තරග වැදුනි. ඒ අතර කාන්තා තරගාවළිය පුත්තලමේ සිට අනුරාධපුර දක්වා පැවති අතර එය කිමි 110 විය.

මෙහිදී පිරිමි ශූරතාවය යුධ හමුදාවේ තුශාන් රාජපක්ෂ විසින් හිමිකරගත් අතර කාන්තා ශුරතාවයද යුධ හමුදාවේ උදේාශානි නිරංජනී විසින් හිමිකර ගන්නා ලදී. මෙවර පිරිමි හා කාන්තා කණ්ඩායම් ශූරතාවයන් ද යුධ හමුදාව සතුවිය.

අනුරාධපුර පෙදු ක‍්‍රීඩාංගනයේ පැවති තිළින ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගිවූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිළධාරින්, ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් එයාර් කොමඩෝර් කිත්සිරි ලීලරත්න මහතා, ගුවන් හමුදා නිළධාරින්, සෙසු නිළයන් සහ අනුග‍්‍රහක ආයතනයන්හි සමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Men's Race

Women's Race

Awards Ceremony
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි