ගුවන් හමුදා සේවා මුක්ත සංගමයට වසර තිහයි
1:40pm on Thursday 23rd December 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය තම 30 වන සංවත්සරය පසුගිය 19 දින කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී උත්සවාකාරයෙන් සැමරීය.

සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තම 30 වන සංවත්සරය සහ සුහද හමුව අති උත්කර්ෂවත්ව සංවිධානය කර තිබූ අතර ඔවුන්ගේ විනෝදාශ්වාදය වෙනුවෙන් නොයෙකුත් අංග උත්සවය වෙනුවෙන් එක්කර තිබුනි.

මෙම සංගමය 1980 අගෝස්තු මස 23 වන දින හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩබ්.ඩී.එච්.එස්.ඩබ්. (හැරී) ගුණතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. තම සාමාජිකයින්ගේ සමාජ සුභසිද්ධිය වෙනුවෙන් මෙම සංගමයෙන් නොයෙකුත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

1995 වර්ෂයේ සේවයෙන් ඉවත්වගිය ගුවන් කාන්තාවන් සංගමයට එක්වීම හේතුවෙන් මෙම සංගමය ගුවන් හමුදා සේවාමුක්ත සංගමය ලෙසින් නම් විය. මේ වන විට 4250කට අධික සාමාජිකයින් පිරිසක් සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි