ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 14 වැනි සංවත්සරය සමරයි
9:23am on Wednesday 25th March 2020
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ හා ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් 2020 මාර්තු මස 10 වැනි දින ඔවුන්ගේ 14 වැනි සංවත්සරය සමරනු ලැබීය.

අතීතයේ සහ වර්තමාන බලඝනයේ සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ජාතියට ආශිර්වාද කිරීම සඳහා බෝධි පූජාවක් ඉරට්ටයිෙපරියකුලම්  
ශ‍්‍රී ෙෙසලබිම්බාරාමයේදී සංවිධානය කරන ලදී. ඊට අමතරව කඳවුර තුළ පිහිටි පිල්ලෙයාර් කෝවිල් හි ආගමික වැඩසටහනක් පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගාමීව අනුරාධපුරයේ සාලියපුර විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ඇති "සතුටු" ළමානිවාසයේ  චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර දරුවන් සදහා උදේ ආහාරය ලබා දෙන ලදී. තවද බලඝනයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් සංවිධානය කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි