කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 14 වැනි සංවත්සරය සමරයි
7:55am on Thursday 26th March 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය 2020 පෙබරවාරි මස 13 වැනි දින සිය 14වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය. සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු පෙළපාලි නිරීක්‍ෂණය වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් පීජීවීසීපී නන්දසේන විසින් සිදුකරන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව  ක්‍රිකට් තරගාවළියක් කඳවුරු ක‍්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර  සියළු නිළයන් සදහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි